My Diary.
to Share my Life Events

බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමේ මුලික පියවර

How to start a blog

කොහොමද යාලුවනේ.මේක තමයි මේ බ්ලොග් එකේ මම ලියන පළවෙනිම පොස්ට් එක.මම  මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ව වෙනත්ම සාර්ථක මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමයි.මුලින්ම මතක් කරන්න ඕන මම මේ බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල බ්ලොග් එකක් පටන් ගන්න විදිය නෙමෙයි.මොකද මගේ බලාපොරොත්තුව සිංහල බ්ලොග් නිර්මාණය කරන එක නෙමෙයි.

ඔයාල දන්නවා දැනට ලෝකයේ තියෙන හොදම ad network එක තමයි google ලගේ ඇඩ්සෙන්ස් නෙට්වර්ක් එක.ඉතින් මේ නෙට්වර්ක් එක සිංහල බ්ලොග් වලට ලැබෙන්නේ නැහැ.අපිට මේක ඉංග්‍රීසි බ්ලොග් එකක් උවමනා වෙනවා.

ඉතින් මගේ බලාපොරොත්තුව වෙන්නේ ඔයාලට ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් ආරම්භ කරලා එකෙන් කොහොමද සාර්ථකව මුදල් උපයන්නේ කියලා ඔයාලට කියලා දෙන එක.මෙතැනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපි ගාව ඉංග්‍රීසි බ්ලොග් එකක් තියෙනවනම් අපිට මුදල් හොයන්න තියෙන එකම ක්‍රමය ඇඩ්සෙන්ස් නෙවෙයි.තවත් බොහෝ ක්‍රම තියෙනවා.මම ඒ ක්‍රම ගැනත් කියලා දෙනවා ඔයාලට ඉස්සරහට.නමුත් මගේ ප්‍රධාන ඉලක්කය තමයි ඇඩ්සෙන්ස්.

ඔයාලා බ්ලොගින් වලට කොච්චර දක්ෂයෙක් උනත් අපි මේ පටන් ගන්න යන්නේ වෙනස්ම විදියේ වැඩක්.ඉතින් එක නිසා මම මේ බ්ලොග් එකේ ලියන ලිපි මුල ඉදන්ම කියවලා වැඩේ පටන් ගන්න කියලා මතක් කරනවා.

තවත් දෙයක් මතක් කරන්න ඕන,ඉංග්‍රීසි බ්ලොග් එකක් කරන කොට අපිට තියෙන ලොකුම ගැටලුව වෙන්නේ ඉංග්‍රීසි.මෙන්න මේ ගැටලුවටත් විසුමක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මේ සදහා සරල ඉංග්‍රීසි පාඩම් කිහිපයක් හා ලේසියෙන්ම ලිපියක් ලියා ගන්න පුළුවන් මම භාවිතා කරන සරල ක්‍රම කිහිපයක් මම ඔයාලට කියලා දෙනවා.මටත් ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ කියන එකත් නිහතමානිව මතක් කරනවා.

එහෙමනම් අපි මුල්ම පාඩම පටන් ගනිමු.මම මේ ලිපියෙන් පහත කරුණු 6න් මුල් 5 ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.මොකද ලිපි ලියන එක වෙනම පාඩමක්.ඒ වගේම ඊට කලින් ඔයාලගේ ඉංග්‍රීසි දැනුම ගැනත් හිතන්න වෙනවා.මම ලිපි ලියන විදිය ඔයාලට කියලා දෙනකම් ඔයාලට පුළුවන් මම කියලා දෙන විදියට ඔයාලගේ බ්ලොග් එක design කර ගන්න.

බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම සදහා සරල ක්‍රම 06ක්.

  1. වඩාත් හොද වේදිකාවක් තෝරා ගන්න.
  2. බ්ලොග් අඩවිය සදහා මාතෘකාව තෝරා ගන්න.
  3. ඩොමේන් නාමයක් හා හොස්ටින්ග් පහසුකම් ලබා ගන්න.(අවශ්‍ය නම්)
  4. බ්ලොග් අඩවියේ නිර්මාණය ගැන අදහසක් ගන්න.
  5. බ්ලොග් අඩවිය නිර්මාණය කරන්න.
  6. ප්‍රයෝජනවත් ලිපි ලියන්න.

වඩාත් හොද වේදිකාවක් තෝරා ගන්න

බ්ලොග් අඩවිය සදහා ඔයාලා ලියන ලිපි එහෙමත් නැත්තම් ආර්ටිකල් ඔයාගේ බ්ලොග් එක කියවන පිරිස ලගට ගෙනියන්න ඔයාට හොද වේදිකාවක් තොර ගන්න වෙනවා.මේකට අපිට භාවිතා කරන්න පුළුවන් වේදිකාවන් බොහොමයක් තිබුනත් මම මෙතැනදී ඔයාලට ඒ අතුරින් දෙකක් ගැන කියලා දෙනවා.ඒ අතරින් ඔයාලට හොද එකක් තොර ගන්න පුළුවන්.

Blogger

මේක google සමාගමෙන් 100% නොමිලේ ලබා දෙන වේදිකාවක්.www.blogger.com කියන ලිපිනයෙන් පුළුවන් ඔයාට මේ වේදිකාවට යන්න.මේ සදහා ඔයාට ඕන වෙන්නේ gmail ගිණුමක් එහෙමත් නැත්තම් google ගිණුමක් විතරයි.ඔයාට පුළුවන් එක පාවිච්චි කරලා blogger ගිණුමක් හදා ගන්න.මම මෙතනදී මේ වේදිකාව පාවිච්චි කරන විදිය පියවරෙන් පියවර කියලා දෙන්න යන්නේ නැහැ.එක සරල දෙයක් වගේම හැමෝම වගේ දන්නා දෙයක්.නොදන්නා කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න.

හරි එහෙනම් අපි මේ වේදිකාවේ වාසි හා අවාසි බලමු.
වාසි.
  1. 100%ක් නොමිලේ ලැබීම.
  2. google සමගම සතු නිසා ආරක්ෂාව තහවුරු වීම.
  3. හොස්ටින්ග් පහසුකම් අවශ්‍ය නොවීම.
  4. ඩොමේන් නාමයක් ලබා ගැනීම අනිවාර්ය නොවීම.
  5. සරල භාවිතය.
  6. තේමා (themes) සුලභ වීම.
  7. ඇඩ්සෙන්ස් ඉල්ලුම් කිරීමේදී ප්‍රමුක තාව හිමි වීම.
අවාසි.
  1. නිර්මාණ පහසුකම් සිමා සහිත වීම.
  2. goole සමාගමේ නීති රීති උල්ලංගනය කරන බ්ලොග් දැනුම් දීමකින් තොරව ඉවත් කිරීම.
  3. හිමිකම 100%ක් තමා සතු නොවීම.
මෙන්න මේවා තමයි blogger වල වාසි හා අවාසි වෙන්නේ.මතක් කරන්න ඕන ගොඩක් අය blogger නිර්දේශ කරන්නේ නැහැ බ්ලොග් නිර්මාණය සදහා.නමුත් මගේ නම් එහෙම අදහසක් නැහැ.මොකද මම වැඩි පුරාම භාවිතා කරන්නේ බ්ලොගර්.ඒ වගේම මගේ ඉදිරි ලිපි ලියන්නේ බ්ලොගර් මුලික කරගෙන.

Wordpress

Wordpress කියන්නේ ලෝකයේ වැඩිම නිර්මාණ කරුවන් පිරිසක් භාවිත කරන වේදිකාව.එකට හේතුව වෙන්නේ ජනප්‍රියත්වය හා පහසුකම් රාශියක් මේ තුලින් හිමි වීමයි.මේක blogger වලට වඩා ගොඩක් සාර්ථකයි කියලා තමයි බාවිතා කරන අයනම් කියන්නේ.Wordpress වල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා.
  1. Wordpress.com
මේ වේදිකාවත් ගොඩක් දුරට බ්ලොගර් වලට සමානකම් දක්වනවා.මෙතනදී ඔයාලට ඔයාගේ බ්ලොග් එක නොමිලේම හොස්ට් කරන්න ඉඩක් ලැබෙනවා වගේම එයාලගේ sub-domain එකකුත් ඔයාලට ලැබෙනවා.මිට අමතරව මුදල් ගෙවල තවත් පහසුකම් වගේම මේ පහසුකම් වැඩි කර ගන්න පුළුවන්.කොහොම උනත් නොමිලේ ලැබෙන පහසුකම් වල ඔයාට දැන්වීම් පල කරන්න නම් ලැබෙන්නේ නැහැ.

    2. Wordpress.org
මෙතැනදී ඔයාට ලැබෙන්නේ මෘදුකාංගයක්.මේ මෘදුකාංගය ඔයා මිලදී ගතපු හොස්ට් එකක ඉන්ස්ටෝල් කරගෙන භාවිතා කරන්න පුළුවන්.ඇත්තටම මේක ගොඩක් හොද වේදිකාවක්.බ්ලොග් අඩවි වගේම වෙබ් අඩවිත් මේ මගින් නිර්මාණය කරන්න පුළුවන්.මේ සදහා ඔයාට ඔයාගෙම හොස්ට් එකක් සහා ඩොමේන් එකක් ඕන වෙනවා.

බ්ලොග් අඩවිය සදහා මාතෘකාව තෝරා ගන්න.

බ්ලොග් අඩවිය නිර්මාණයට පෙර හෝ පසුව උනත් මේ දේ කරන්න පුළුවන්.මේක තමයි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමේදී වඩාත්ම සංකීර්ණ කරණය විදියට මම දකින්නේ.මොකද අනිත් හැමදේම පසුව වෙනස් කර ගත්තත් මාතෘකාව හා මාතෘකාවට අදාලව ලබා ගන්න ඩොමේන් නාමය වෙනස් කිරීම ගොඩක්ම අපහසු දෙයක්.එක නිසා මේ තීරණය නිවැරදිව ගන්න ඕන.මෙතනදී ඔයා මාතෘකාවක් තෝරා ගැනීමේදී අනිවාර්යෙන්ම ඔයා කැමති විෂයකට අදාලව මාතෘකාව තෝරා ගන්න,ඒ වගේම ඔයා ඒ විෂයට දක්ෂයෙක් ප්‍රවීනයෙක් වෙන්න ඕන.මොකද අපි මේ හදන්න යන්නේ සිංහල බ්ලොග් එකක් නෙමෙයි,ඉංග්‍රීසි එකක්.ඒ නිසා ඔයාට ඔයා ලියන මාතෘකාව ගැන හොද දැනුමක් තියෙන්න ඕන.අනිත් කාරණේ තමයි අපි ඉලක්ක කරන්නේ මුළු ලෝකයම,ඒ නිසා ඔයා මොන මාතෘකාව තොර ගත්තත් මේ ලෝකයේ ඔයාට පාඨකයින් ඉන්නවා.ඒ නිසා කියවන්නන් සොයා ගැනීම අපහසු වෙන්නේ න.රැල්ලට යන බ්ලොග් කරන්න එපා.මම කොහොමවත්ම එක අනුමත කරන්නේ නැහැ.

ඩොමේන් නාමයක් හා හොස්ටින්ග් පහසුකම් ලබා ගන්න

ඔයාල blogger වේදිකාව තොර ගන්නවානම් ඔයාට ඕන වෙන්නේ ඩොමේන් නාමයක් විතරයි.නමුත් wordpress තෝරා ගන්නවානම් ඔයාට ඩොමේන් නාමයක් වගේම හොස්ටින්ග් එකකුත් අවශ්‍ය වෙනවා.

හොස්ටින්ග් තෝරා ගැනීමේදී හා මිලදී ගැනීමේදී ඔයාල ගෙවන මුදලට සාදාරන සේවයක් ලබා දෙන තැනකින් හොස්ටින්ග් සේවාව ලබා ගන්න අමතක කරන්න එපා.මේ සදහා මගේ නම් නිර්දේශය වෙන්නේ Bluehost සේවාව.මොකද මේක wordpress වලට සමගාමිව යන සේවාවක්.

ඩොමේන් නාමයක් තොර ගැනීම ඉතාම තීරණාත්මක දෙයක්.ඩොමේන් නාමයක් තෝරා ගැනීමේදී මේ කරුණු පිලිබදව සැලකිලිමත් වෙන්න ඕන.
  1. මානව ඇසට සංවේදී වීම-ඔබ තෝරා ගන්න ඩොමේන් නාමය පහසුවෙන් කියවිය හැකි හා මතක තබා ගත හැකි ඩොමේන් නාමයක් විය යුතුය.
  2. විස්තරාත්මක වීම-ඔබ තෝරා ගන්නා ඩොමේන් නාමයෙන් ඔබගේ බ්ලොග් අඩවිය පිලිබදව දළ විස්තරයක් ලබා දෙන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා.
  3. SEO සදහා යෝග්‍ය වීම-ඔබගේ ඩොමේන් නාමය සෙවුම් යන්ත්‍ර වලට පහසුවෙන් ඇතුලත් වන මෙන්ම රෑන්ක් වෙන ඩොමේන් නාමයක් වෙන්න ඕන.
  4. නිත්‍යානුකුල වීම-ඔබගේ ඩොමේන් නාමය ඔබගේ නමින් ලියාපදිචි වී තිබිය යුතුය.
මේ කරුණු ගැන සලකා බලලා ඔයාත් ඔයාගේ ඩොමේන් නාමය තෝරා ගන්න.

බ්ලොග් අඩවියේ නිර්මාණය ගැන අදහසක් ගැනීම හා බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම.

මෙතැනදී ඔයා මුලින්ම ඔයාගේ බ්ලොග් අඩවියේ නිර්මාණය හා සැකැස්ම පිලිබදව දල අදහසක් ගන්න ඕන.යොදා ගන්නා වර්ණ,තේමාව,රුප වැනි දේ පිලිබදව සිතා බලන්න ඕන.වඩාත් නිර්මාණශීලි තේමා බොහොමයක් දැන් අන්තර්ජාලයෙන් සොයා ගන්න පුළුවන්.

ඊට පස්සේ තමයි ඔයා ඔයාගේ බ්ලොග් එක නිර්මාණය කිරීම ආරම්භ කරන්න ඕන.මේකට ඔයා තෝරා ගත්තු වේදිකාව යොදා ගන්න ඕන.බ්ලොග් අඩවිය නිර්මාණය කිරීමේදී පාඨකයින් රදවා ගැනීමට හැකි වෙන ආකාරයෙන් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත්.

මෙන්න මේ දේවල් වලට අනුව ඔයත් ඔයාගේ අලුත්ම බ්ලොග් එක අදම නිර්මාණය කරන්න පටන් ගන්න.මීලග ලිපියෙන් ඉංග්‍රීසි ලිපියක් ලියන්නේ කොහොමද කියල බලමු.
Unknown Unknown Author